Tuesday, December 22, 2009

3Ds Max වල මූලික තිරය හදුනාගනිමු - අවසන් කොටස


ගියවර ලිපි කිහිපයකින් 3ds Maxවල මූලික තිරයේකොටස් කිහිපයක් හදුනා ගන්නා ලදි. අද ඉතිරි කොටස් ගෙන අවධානය යොමු කරමු. ගියවර ලිපිවලට පිවිසීමට පහත Link වල Click කරන්න.

1. මුලික තිරය හදුනා ගනිමු I

2. මුලික තිරය හදුනා ගනිමු II

හොදයි මුලින්ම 3ds Max වල දකුණු පස ඇති Command Panels වලට අවධානය යොමු කරමු. (පහත රෑපය බලන්න)


Command Panel වල ඇති ප්‍රධාන කොටස් දෙක හදුනා ගමු.

මුලින්ම ඇති ඊතලයක සලකුණ Create Tab ක වේ. මෙයින් සිදු කරනු ලබන්නේ වස්තුන් නිර්මාණය කිරීමයි. මෙම Tab එක තුළ විවිධ කැටගරීස් වලට විවිධ වස්තූන් වෙන් කර ඇත. උදාහරණයක් ලෙස Geometry, Shapes, Lights, cameras , ආදි ලෙස වෙන් කර ඇත.

මීළගට ඇත්තේ Modify Tab එකයි. නිර්මාණය කරනු ලබන වස්තූන් වලට විවිධ වෙනස් කම් සිදු කරනු ලබන්නේ මෙම Tab එකෙන් වේ.

Command Panel එකේ ඉතිරි කොටස් ගෙන ඉදිරි පාඩම් වලදී හදුන්වාදෙනු ඇත.

දැන් View Port ගෙන හදුනා ගනිමු. View Port යනු 3ds Max තිරයේ Top, Front, Left, Perspective, ලෙස සදහන් වන ඒවයි.(පහල රෑපය බලන්න.එහි නිල් පාටින් දක්වා ඇත්තේ View Port වේ.) එනම් එකම වස්තුව පෙනෙන විවිධ පැති වේ. යම් View Port එකක් වටේ කහ පාට ඉරි වලින් වට වී තිබේ නම් එය Active වී තිබීම ලෙස හදුන්වයි. යම් View Port එකක් Active කිරීමට අවශ්‍යය නම් මවුස් එක View Port එක

මතට ගෙන ගොස් Right click කරන්න. පහත රෑපයේ Active වී ඇත්තේ Perspective View එකයි.




මෙම Controlsභාවිතා කරන්නේ 3ds Max වල View Port පාලනය කිරීමටයි (View Port ගෙන ඉහත හදුන්වා දී ඇත)එහි ඇති Tool එකින් එක හදුනා ගනිමු.පහත රෑප බලන්න.


මෙය Zoom tool එක ලෙස හැදින්වේ. මෙයින් සිදු කරනු ලබන්නේ Active කර තිබෙන View Port එක විශාල හා කුඩා කිරීමයි.

- මෙය Zoom All tool එකයි. සියළුම View Port එකවර විශාල කිරීමට හා කුඩා කිරීමට භාවිතා කරනු ලබයි.

- මෙය Zoom Extents tool එක වේ. මෙය භාවිතා කරනු ලබන්නේ Active කර තිබෙන View Port එකේ ඇති සියළුම වස්තුන් එකවර දරශනය කර ගැනීමටයි.(අත්හදා බලන්න.)

- මෙය Zoom Extents All tool එක වේ. මෙයින් සිදු කරනු ලබන්නේ. View Port සියල්ලේම ඇති වස්තුන් එකවර දර්ශනය කිරිමයි.

-මෙය Field-of-view tool එකයි. මෙහි කාර්ය Zoom tool එකට මදක් සමානය.-මෙය Pan tool එක ලෙස හදුන්වනු ලබයි. මෙහි කාර්ය වනුයේ View Port Zoom කර ඇති විට නොපෙනෙන වස්තූන් දර්ශනය කර ගැනීමයි. මෙය Photoshop වල ඇති Hand tool එකට සමාන වේ.

- මෙය Arc-tool එක නම් වේ. View Port හැරවීමට මෙය භාවිතා කරනු ලබයි.

-මෙය Min/Max Toggle tool එක ලෙස හදුන්වියි. මෙයින් සිදු කරනු ලබන්නේ View Port එකක් මුළු තිරයේම දර්ශනය කිරීම හා නැවත පෙර තත්වයට View Port ගෙන ඒමටයි.

මීළගට Time Line හා Time slider පිළිබදව හදුනාගනිමු. මෙම Controls පහත රූපයේ දක්වා ඇත.(රූපය විශාල කිරීමට ක්ලික් කරන්න.)




Time slider මගින් සිදු කරන්නේ ලබන්නේ Animation සිදු කරන විට Time Line එකේ අවශ්‍යය රෑප රාමු වෙත ගෙන යාමයි. මෙය මවුස් එක මගින් ක්ලික් කරගෙන ඇදගෙන යා හැකිය.

Time Line එක 10 කොටස් 10 කට බෙදා ඇත මෙය Animation සිදු කරන විට භාවිතා කරයි.

දැන් 3ds max වල Time Controls එක පිළිබද හදුනා ගනිමු (View Port Navigation Controls වලට වම් පැත්තේ ඇති) (පහත රෑපයේ දක්වා ඇති)



මෙම Controls භාවිතා කරනු ලබන්නේ Time Line එක පාලනය කිරීමටයි එම Controls එකින් එක හදුනා ගනිමු. පහත රෑප බලන්න.



- Go to start - Time Line එකේ ආරම්භක රෑප රාමුවට Time slider ගෙන යයි.

- Previous Frame - Time Line එකේ පසු පස රෑප රාමුවට Time slider ගෙන යයි.

- Play-සාදා ගත් Animation එක Play කිරීමට භාවිතා කරයි.

- Next Frame - Time Line එකේ ඉදිරි රෑප රාමුවට Time slider ගෙන යයි.

- Go to End - Time Line එකේ අවසන් රෑප රාමුවට Time slider ගෙන යයි.

- මෙය ක්ලික් කල විට Next Frame සහ Previous Frame යන Controls දෙක Next Key සහ Previous Key ලෙස මාරුවෙයි. එනම් පසු පස Key එකට සහ ඉදිරි පස Key එකට Time slider එක ගෙන යාමට භාවිතා කරයි. (Key පිළිබදව Animation පාඩම් වලදී හදුන්වාදෙනු ඇත.)


- මෙම Text Box එකේ යම් රෑප රාමුවක අංකයක් Type කර Enter කල විට එම රූප රාමුවට Time slider එක ගෙන යයි. එනම් 50 Type කර Enter කල හොත් 50 වෙනි රූප රාමුවට Time slider එක ගෙන යයි.

- Time Configuraction - Time Line එකේ විවිධ වෙනස් කම් කීරීමට මෙය භාවිතා කරයි. එනම් Frame ගණන,Play කල යුතු වේගය ආදි වේ. මෙම Controls එක ක්ලික් කල විට මතුවන Time Configuraction Dialog එක මගින් මෙවා සිදු කරගත හැකිය.

දැන් 3D Studio Max වල මූලික තිරයේ ප්‍රධාන කොටස් සියල්ල හදුනා ගෙන අවසන්. ඉතිරි කොටස් ඉදිරි ලිපිවල සිදුකරනු ලබන අභ්‍යාසවල විස්තර කරනු ඇත. ඊලග ලිපියෙන් හමු වෙමු. මේ ගෙන ඔබේ අදහස් දක්වන්න.



Page Rank